[bws_google_captcha]
ActivitiesScholarships Awarding Ceremony

අබ්රාර් අධ්‍යාපන පදනම විසින් සංවිධානය කර තිබූ ශිෂ්‍යත්ව ලබාදීමේ උත්සවය 2023

බේරුවල අබ්රාර් අධ්යාපන පදනම විසින් 10 වන වරටත් අභිමානවත් ලෙස සංවිධානය කර තිබූ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 46 දෙනෙකු සඳහා ශිෂ්යත්ව ලබාදීමේ උත්සවය ඊයෙ (09) දින බේරුවල සෑම් රිෆායි හාජියාර් විද්යාලයේ දී පලස්තීන තානාපති Dr.Zuhair M.H Zaid මැතිතුමාගේ හා තුර්කි තානාපති Her Excellency R. Demet Şekercioğlu මැතිනියගේ ප්රදානත්වයෙන් පවත්වන ලදි.
බේරුවල පුරවරයට උරුමකම් කියන කොළඹ මුස්ලිම් බාලිකා විද්යාලයේ ගරු විදුහල්පති නස්රියා මුනාස් මැතිණිය විසින් දැනුමෙන් ඉදිරියට යන්නේ කෙසේද? අපි ශක්තිමත් විය යුත්තේ කෙසේද? යන්න හරවත් දේශනයක් දරුවන්ට ලබාදෙන ලදි.
මෙවර මෙම ශිෂ්යත්ව ලබාදීමේ උත්සවයේ වැදගත්කම වන්නේ අබ්රාර් පදනම පිහිටුවා වසර 10 ක් ගතවීමයි. අඛණ්ඩව වසර 09 ක් අඩු ආදායම්ලාභී දරුවන් සඳහා මෙම පදනම විසින් ශිෂ්යත්ව ලබාදීම් සිදුකර ඇත.
මෙහිදී අබ්රාර් අධ්යාපන පදනම ආරම්භයේ සිටම මේ වනතෙක් දැවැන්ත කැපකිරීමක් කරනු ලැබූ හිටපු සභාපති අල්හාජ් ඒ.ඩබ්ලිව්.එම් අජ්වාද් මහතාව ඇගයීමට ලක් කිරීමද සිදුවුනි.
මෙම අවස්තාව සඳහා අබ්රාර් පදනමේ අනුශාසක ⁣පාර්ලිමේන්තු මන්ත්රී ඉම්තියාස් බාකිර් මාකාර් මැතිතුමා, බේරුවල හිටපු නගරාධිපති අල් හාජ් මසාහිම් මොහොමඩ් මැතිතුමා, අබ්රාර් පදනමේ වත්මන් සභාපති අල්හාජ් නිසාම් මහතා, ලේකම් ආචාර්ය අස්වර් අසීම් මහතා, භාණ්ඩාගාරික අල්හාජ් හලීම් ඒ අසීස් මහතා ඇතුළු පදනමේ සාමාජිකයින්, අනුග්රහකභවතුන් සහ ප්රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටින ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button